Thursday, June 13, 2019

SOILS OF SRI LANKA. - ppt video online download

SOILS OF SRI LANKA. - ppt video online download: ALLUVIAL SOIL Major characteristics of Alluvial Soils are:-   1)These are of Transported origin.  2)Alluvial soil as a whole is very fertile.  3)According to their age, these soils have been classified into 2 types:-  ~Old Alluvium or Bhangar Soil  ~New Alluvium or Khaddar Soil  4)These soils contain adequate proportion of Potash, Lime and Phosphoric acid. 5)  Silk, clay, gravel and sand the main constituents of alluvial soil. 6)They are ideal for the growth of crops like sugarcane, pawatta,corn,rice,etc 7)It is commonly found in riverbed and flood plains By-Ananya Smirti

Wednesday, May 22, 2019

Hydroponics නැතිනම් නිර්පාංශු වගාවේ වැදගත්කම

Hydroponics නැතිනම් නිර්පාංශු වගාවේ වැදගත්කම
1. ඔබ දැනටමත් දන්නවනේ hydroponics කරන්නෙ ජලයේ කියල. එක නිසා පසේ වගාකිරීමෙන් ඇතිවිය හැකි ගැටලු ගොඩක් මෙම ක්‍රමය මගින් මගහරවා ගන්න පුලුවන්. පසේ සිටින කෘමීන්, පුස් වර්ග සහ බැක්ටීරියා නිසා ඇතිවිය හැකි හානි මෙමගින් මගහරවා ගන්න හෝ අඩුකරගන්න පුලුවන්. ඒ වගෙම තරගකාරී වල් වර්ගවලින් හානි වෙන්නේ නෑ. ඒක නිසා කෘත්‍රිම වල්නාශක යොදන්න අවශ්‍යත් නෑ. මෙය ඔබගේ සෞඛ්‍යය සදහා ඉතා වැදගත් වේවි. පස තදවීම නිසා ඇතිවන වතුර රදවා තබා ගැනීමේ ගැටලු වගේම පස සකස් කීරීම වගේ දේවල් කරන්න අවශ්‍යත් නෑ. ඒවගේම තමයි පෝෂණ ඌණතා සහ විෂවීම් සිදුවීමේ අවස්ථාව ඉතා අඩුයි. එක පාරක් වගාකරාට පස්සේ තව කන්නයක් වගාකරන්න බලාගෙන ඉන්න ඕනි නෑ.
2. පස් වල වගා කරනවට සාපේක්ෂව වැඩි අස්වැන්නක් වගේම වැඩි ගුණාත්මක බාවයක් තිබෙනවා.
3. ඊලඟට අපට පොෂණ මාධ්‍යයේ තියෙන පොෂණ සංඝටක, pH මට්ටම ඊට අමතරව මූල පද්ධතියට අවශ්‍ය තත්ව පහසුවෙන් පාලනය කරන්න පුලුවන්.
4. මූල පද්ධතියට සාපේක්ෂව වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලැබෙන නිසා වර්ධනය වේගවත්. ඒක නිසා අස්වැන්නක් ඉක්මනින් ගන්න පුලුවන්.
5. ශාක විවිධ උස මට්ටම් වලින් වගාකරන්න පුලුවන්. එක නිසා පහසුවෙන් පාලනය කරන්න වගේම කාර්‍යක්ෂමතාව වැඩි කරගන්නත්, සේවක වියදම් අඩු කරගන්නත් පුලුවන්.
6. නිර්පාංශු වගාව සදහා ජල අවශ්‍යතාව ඉතා අඩුයි. සාමාන්‍යයෙන් පසේ වගාකරනවා වගේ 1/10ක ජල ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ.
මේ වගේ වාසි තිබුනත් ලංකාවේ තාමත් මේ ක්‍රමය එතරම් ප්‍රචලිත වෙලා නැ. ලංකවේ වගකරන්න ඕන තරම් ඉඩ තියෙන නිසා මේ ක්‍රමයට යොමු නොවීම එක හෙතුවක්.මේ ක්‍රමය වගා කරන්න ඉඩ පහසුකම් මදි නමුත් කැමැත්තෙන් ඉන්න අයටනම් සුපිරියි කියලා තමා කියන්න තියෙන්නෙ. ඒ වගෙම මුලදි ටිකක් වැඩිපුර මුදල් වියදම් කරන්න ඔනි. නමුත් පිහිටුවා ගත්තට පස්සේ ලොකු මුදලක් ඉතුරු කරගන්නත් පුලුවන්. මේ ක්‍රමය ගැන දන්නා අය ඉන්නෙත් තරමක් අඩුවෙන්. මේ ක්‍රමය ගැන ඔයගොල්ලන්ට තියෙන ගැටලු inbox කරන්න.
මේ වගේ Hydroponics ගැන තවත් වැඩිපුර තොරතුරු ඉදිරිපත් කරන්න අප බලපොරොත්තු වෙනවා ..

Image may contain: plant, nature and outdoor

Image may contain: plant and food

Image may contain: plant

Saturday, March 3, 2018

Hydroponics

Hydroponics  නැත්නම් නිර්පාංශු වගාව ලෙස හදුන්වනු ලබන මෙම ක්‍රමය මගින් ශාක පස් රහිත මාධ්‍යක හෝ ජල මාධ්‍යක වර්ධනය කරයි. නිර්පාංශු වගාවේ ශාක සදහා පෝෂණය ලැබෙන්නේ ජලපෝෂණ මාධ්‍යක් මගිනි.

නිර්පාංශු වගාවේ මූලාරම්භය සටහන් වන්නේ 1627 දී ෆ්රැන්සිස් බේකන් විසිනි. 1929 දී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයකු වූ විලියම් ෆ්‍රෙඩ්රික් ජෙරිකේ විසින් මුලින්ම මෙම වගාව කෘෂිකාර්මික  නිශ්පාදන සදහා ව්‍යප්ත කලේය.

මෙම නිර්පාංශු වගාව නිසා ශාක වගාව සදහා ආදරය කරන බොහො දෙනාට නව මානයකට පිව්සිය හැක. මිනිසා තව දුරටත් කාලගුණික හෝ කන්න වගාව ලෙස තමාගේ සිහින ලගාකර ගැනීම සීමා කල නොහැක. අපට දැන් ඕනෑම ශාකයක් වසරේ ඕනෑම කාලයකදී වගාකල හැක.

මෙම බ්ලොග් පිටුව මගින් අප මෙම නිර්පාංශු වගාවේ නව මානයන් සොයා යන්නෙමු. අප සමග අත්වැල් බැදගන්න. ඔබගේ දැනුම හා නව අදහස් අප සමග බෙදාගන්න.



SOILS OF SRI LANKA. - ppt video online download

SOILS OF SRI LANKA. - ppt video online download : ALLUVIAL SOIL Major characteristics of Alluvial Soils are:-   1)These are of Transported ...